‘අලියා ආවොත් පොලිස් රාජ්‍යයක්‘ - ඩලස්


එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඔවුන් ආණ්ඩු බලය ලබාගතහොත් පොලිසිය සම්බන්ධ නව පනතක් ඇති කරන්නේ ඔවුන්ගේ ආණ්ඩුවට විරුද්ධව රටේ විරෝධයක් ඇතිවුවහොත් එය මර්දනය කිරීමට යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (06) ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

එක්සත් ජාතික පක්ෂය යළි පාලන බලය ලබාගතහොත් ඔවුන් පොලිස් බලතල අසීමිතිව යොදවන පොලිස් රාජ්‍යයක් ඇති කරන බව දැනටම පෙරනිමිති පළ කර ඇතැයි ද අලහප්පෙරුම මහතා පැවසීය.

දකුණු පළාත් බස් රථ ඩිපෝ සේවකයන් 200ක පිරිසක් නිවාඩු දමා එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙමින් සිටින්නේ යැයි ද ඔහු සඳහන් කළේය.

web1 web2