‘අලි හොරකමට සාක්කි නැතිලු‘


උඩවලව ජාතික වනෝද්‍යානයේ අලි පැටවකු සොරකම් කිරිමට පසුගිය මැයි පළමුවැනිදා රාත‍්‍රී ගල්පාය දික්යායට   පැමිණි පිරිසට එරෙහි නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්කි නැති බවට වන ජීවී දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයය එවු වාර්තාවක් සැලකිල්ලට ගත් ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා එන් ද සිල්වා මහත්මිය නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත්කර තිබූ අංක රහිත ට‍්‍රැක්ටරය ඇතුළු භාණ්ඩ රාජ සන්තක කිරිමට නියෝග කළාය.

සුඛෝපභෝගී වාහන වලින් පැමිණ පිරිසක් අලි පැටියෙකු පැහැරගෙන යන බවට ලද තොරතුරු මත වනජිවී නිලධාරින් උඩවලව ගල්පාය දික්යාය ප‍්‍රදේශයේදි ප‍්‍රදේශවාසින්ගේද සහාය ඇතිව වැටලු අවස්ථාවේ අලි පැටියා සහ අලි පැටියා පැහැරගෙන පාරට ගෙන එන්නට යොදාගත් ට‍්‍රැක්ටරය අතරමග දමා පළාගියේය.

අලිපැටියා පැහැරගෙන යාමට පැමිණි වාහන අංක සහ ඔහු පැහැරගත් බවට සැකකළ පුද්ගලයන් කවුරුන්ද යන්න ඔවුන් කළ ප‍්‍රකාශ ද සටහන් කරමින් ගොඩකවෙල පොලිසියට පැමිණිලි කර තිබිණි. එම සිද්ධිය වාර්තා කළ මාධ්‍යවේදී මහින්ද පුෂ්පකුමාරට  මැර ප්‍රහාරයක් එල්ල විය. මැරයෝ ඔහුගේ වීඩියෝ කැමරාවද කඩා බිඳ දැමුහ.

50603 DSC05204