ඵෙතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල මහා මංගල්‍යයයේ අවසන් මහා පෙරහර සෙනසුරාදා (29) වීදි සංචාරය කරද්දී එහි ගමන් ගත් අලි පැටවකු නොසන්සුන් ලෙස හැසිරිමෙන් මහනවුර වැවට යාබද බෝට්ටු සේවය අසල සංඝරාජ මාවතේ පාරෙන් පිටත ඇති වළාකුළු බැම්මට හානි සිදුවී ඇති බවත් කිසිවකුට අනතුරක් සිදුවී නොමැති බවත් මහනුවර පොලිසිය පවසයි.
නොසන්සුන්වූ අලි පැටවා පොලිසිය හා පේරාදෙණි පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සංඝරාජ මාවතට ගෙන ගොස් මාර්ග බාධක දමා පෙරහැර නැරඹීමට ආ ජනයාට අනතුරක් නොවන ලෙස රඳවා තබා ගත් බවද පොලිසිය පවසයි.
පේරාදෙණි විශ්ව විද්‍යාලයේ පශු ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා පිඨාධිපති වෛද්‍ය අසෝක දංගොල්ල මහතා පැවසුයේ අලි පැටවා මළ පහ කරන අවස්ථාවේදී මළ පහ ඉවත් කරන සේවකයකු අත ඇති සවලට හා එහි ශබ්දයට බිය වීම නිසා අලි පැටවා නොසන්සුන්වී ඇති බවත් නොසන්සුන්තාවය නැති කිරිම සඳහා එම අලි පැටවාට මිතුරු තවත් අලි පැටවකු රැගෙන දෙදෙනා එකතැන තබා ගනිමින් නැවත ප්‍රකෘති තත්වයට පත් කරවු බවයි.







