‘අලි අල්ලන්න තරාතිරම වැදගත් නෑ‘


නිති විරෝධී ලෙස අලි පැටවුන් ළඟ තබාගෙන සිටින්නන් කුමන තරාතිරමක සිටියත් රජයේ ප්‍රතිපත්තිය අනුව එම අලින් වනජීවී භාරයට ගැනිමට දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බව  තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවැසිය.

අමාත්‍යවරයා එසේ පැවැසුවේ සඳුදා (12)පින්නවල අලි අනාථාගාරයේ කළ නිරික්ෂණ චාරිකාවකදීය.

අවසර ලත් අලීන් අත් අඩංගුවට ගැනිමක් සිදු නොවන බවත් වනජීවී භාරයට ගනු ලබන්නේ ව්‍යාජ ලේඛන සහිත අලි පැටවුන් බවත් එය දිගටම සිදුකරන බවත් අමාත්‍යවරයා පැවැසිය.