නව රජය පොරොන්දු වූ පරිදි වංචා දූෂණවලට චෝදනා ලත් සියලු දේශපාලකයින්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද (26) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණය පැවැත්වීය.
පසුගිය රජයේ හිටපු ඇමැතිවරුන්ට නව රජය මගින්ද ඉන්ධන දීමනා, නිල වාහන ඇතුළු දීමනා ලබාදීම හොරුන්ට අල්ලස් දීමක් යැයි ඔවුහු කියති.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ටිල්වින් සිල්වා, විජිත හේරත්, කේ.ඩී.ලාල්කාන්ත, වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් ඊට එක්වූහ.






