( සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂවරියට ගෙදර යන්න සිදු වුණේ ඇමැතිවරුන් සිව් දෙනකුට එරෙහිව එපා කියද්දීත් විමර්ශන ආරම්භ කළ නිසා බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී (ජවිපෙ) විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
හේරත් මහතා මේ බව පැවසුයේ අල්ලස් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
විජිත හේරත් මහතා මෙසේද පැවසීය.
ඇයට මෙම පරීක්ෂණ නවත්වන්න කියලා ඉහළින්ම බලපෑම් ආවා. නමුත් බලපෑම්වලට යටත් වුණේ නැහැ.ඒ නිසා ඇයට ගෙදර යන්න වුණා. අද රටේ අල්ලස් ගැන ලොකුවට කතා කළාට ක්‍රියා මාර්ග ගන්නේ නැහැ.අමාත්‍යංශවලට ගොඩනැඟිලි ගන්න කෝටි ගණන් .නමුත් අල්ලස් කොමිසමට තවම ස්ථිර ගොඩනැගිල්ලක් නෑ.දුෂණ විරෝධි අධිකරණ තුන තවම පිහිටුවලා නෑ.ප්‍රමාදයක් තියෙනවා.ඒ අධිකරණ තුන ඉක්මනින් පිහිටුවන්න කියලා මම ඉල්ලා සිටිනවා.