අනුරාධපුර කැකිරාව ලබුනොරුව පාසල තවමත් කටුමැටි මඩුවක පැවැත්වේ.
දෙමාපියන් විසින් තනා දෙන ලද මේ මඩුවේ දරුවෝ 139ක් උගනිති.
ගමේ තිබුණු පොහොර ගබඩාවක හා බහු කාර්ය ගොඩනැගිලි දෙකක් අලුත්වැඩියා කර පාසල ආරම්භ කර ඇත. ගොඩනැගිලි ,ජලය ,විදුලිය ,ගුරු හිගය ,පාසල් උපකරණ ,ක්‍රීඩා පිටි ,මේ දරුවන්ට තවමත් සිහින පමණකි ,පළමු වසරේ සිට පන්ති පැවැත්වෙයි .
ලබුනොරුව ගම පණ්ඩුකාභය කුමරු සැඟවී සිට යුද ශිල්ප හදාරා බළ සේනා රැස්කළ ගමයි .මේ ගම ජයසේන යක්ෂයා ගෙන් පැවතෙන බව කියැවේ ගොවිතැනින් ජිවිත ගැටගසා ගන්න පිරිසක් මෙහි දරුවන්ගේ දෙමාපියෝ වෙති .විදුහල්පති පී .ජේ .පි .කුමාර මහතා තම දරුවන් විදින දුක කියා මඬා වැටෙයි. මේ පාසලේ දරුවෝ ඉගෙනීමට දක්ෂයෝ වෙති .මේ දරුවන් ට සුපිරි පාසල් ඉල්ලන්නේ නැත .නොතෙමි අඩුපාඩුවකින් තොරව ඉගෙන ගැනීමට පරිසරය සකසා දෙන්නයි ඉල්ලති ,මේ පාසලට දරුවන්ට උදව් කිරීමට කැමති අයෙක් හෝ සංවිධානයක් සිටිනම් විදුහල්පති කුමාර මහතාගේ දුරකතනයට 0712515168හෝ ගුරුවරියක වූ සංජිවනි ප්‍රේමරත්න 0711388531කතා කර විස්තර ලබාගත හැකිය .







