අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝග චෝදනාව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හා ශේෂ්ඨාධිකරණය දුන් තීන්දු වලට ගරු කරන්නැයි සියලු පාර්ශ්ව වලින් ඉල්ලා සිටින බව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරුවරුන් සමන්විත අධිකරණ සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීතිය අර්ථනිරූපනය කිරීමේ පරම අයිතිය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවත් ඊට ද ගරු කරන ලෙස සියලු පාර්ශ්ව වලින් ඉල්ලා සිටින බවත් සංගමය සඳහන් කරයි.
ඇතැම් මාධ්‍ය මගින් විනිසුරුවරුනට එරෙහිව එල්ල කරන අපහාසාත්මක ප්‍රවෘත්ති ගැන දැඩි අවධානය යොමු කරන බව ද සංගමය කියයි.

