අරන්තලාවේදී කොටි ත්‍රස්තවාදීන් විසින් 1987.7.2 වැනිදා ඝාතනය කැරුණු භික්ෂූන්වහන්සේ තිස්දෙනම ගමන් කළ ලංගම බසය රථය කෞතුක වස්තුවක් ලෙස සංරක්ෂණය කිරීමට යයි.
බදුල්ල කැප්පෙටිපොළ ඩිපෝව සතු තිබූ අංක 60-3599 දරණ එම බසය දොඹකරයක ආධාරයෙන් අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගෙන එනු ලැබීය. කාර්මික දෝෂයක් නිසා දැන් එම බසය ධාවනයෙන් ඉවත් කැර තිබේ.
1987 ජුලි දෙවැනි දා උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමි ඇතුළු හිමිවරුන් බස් රථයෙන් අම්පාරේ සිට මහනුවරට ගමන් කරද්දී අරන්තලාවේදී කොටි ත්‍රස්තවාදීහු පහර දුන්හ.
එම ප්‍රහාරයේදී භික්ෂූන් වහන්සේ තිස් දෙනමක් අපවත් වූහ.
අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිඳිවැල සෝමරතන හිමි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව ඩලස් අලහප්පෙරුම සහ රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් මෙම බසය අරන්තලා පුද බිමට ලබා දී තිබේ.

