(අජන්ත කුමාර අගලකඩ )
ලැබී ඇති තොරතුරු අනුව අයි එස් අයි එස් සංවිධානයට සම්බන්ධ 140 දෙනකු පමණ ලංකාවේ සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ( 26) පැවසීය.
ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය,විශේෂ කාර්ය බළකාය, සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ත්‍රිවිධ හමුදාවත් කටයුතු කරගෙන යන බවට ජනාධිපතිවරයා කීවේය.
සැකකරුවන් 70 දෙනකුට වැඩි පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි කී ජනාධිපතිවරයා මෙම සංවිධානය මර්දනය කිරීමට ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට ශක්තිය තිබෙන්නේ යැයිද කිවේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැති පුවත්පත් මාධ්‍ය ආයත ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවකදී ය.

