‘අයි.ටී.එන් පවුලේ නාළිකාව කරන්න එපා‘
ස්වාධීන රූපවාහිනිය රාජපක්ෂ පවුලේ නාළිකාවක් නොකරන්නැයි හම්බන්තොට දිසා මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙළේය. ‘‘එය පවුලේ නාළිකාව බවට විපක්ෂය කියන කතාව ඇත්ත. එක දවසක් ජනපති පෙන්නුවා. ඊට පසු කතානායකත්, ආරක්ෂක ලේකම්වරයාත් පෙන්නුවා. ක්‍රිඩාවලදී මාත් මගේ සහෝදරයාත් පෙන්වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225දෙනකු සිටිනවා. ඒ හැමෝමත් පෙන්වන්න. අයි.ටී.එන්. සභාපතිට කියන්නේ එය අපේ පවුලේ පවුලේ නාළිකාව නොකරන ලෙසයි.“

