‘අම්මයි මල්ලිලයි අල්ලන්න එපා‘


ජූනි පළමු වැනි දා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට තංගල්ල පොලිසියෙන් පණිවුඩයක් ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවෙන් කියයි.

‘කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙස මගේ අම්මාට මේ දැන් දැන්වීමක් ලැබුණා. මගේ අම්මා හැමවිටම දේශපාලනයෙන් ඈත්වී සිටියා.‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.

‘මගේ අම්මාට මෙහෙම සැලකීම හරිද? මේ ආණ්ඩුවට යහපාලනය නිකම් මුහුණතක් පමණයි. පලි ගැනීම යහපාලනය නොවෙයි. මගේ අම්මා ඉලක්ක කර ගැනීමෙන් එය පේනවා. හිටපු ජනපති රාජපක්ෂ හා මම දේශපාලනඥයන් ලෙස ඕනෑම දේශපාලන පළිගැනීමකට මුහුණ දෙන්න සූදානම්. මා හිතනවා මගේ අම්මාත් සහෝදරවරුනුත් මේවාට අල්ලා නොගනු ඇතැයි කියා.‘

Untitled-1