‘අමතක කරලමු පැරණි කතා : එක්වෙමු ජාතික දියුණ පතා‘


සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට එකමුතු වී සහජීවනයෙන් ජීවත් විය හැකි රටක් බිහි කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුවේ දී පැවසීය.

පරණ බේද අමතක කරන ශ්‍රී ලාංකික ජාතියක් ලෙස රට ඉදිරියට ගෙන යෑමට පියවර ගන්නා බව කී අගමැති, ජනවාරි අට වැනි දා බිහි කළ යහපාලනය අගෝස්තු 17 වැනි දා මහ මැතිවරණයෙන් පසු තවදුරටත් තහවුරු කරන බව ද පැවසීය.

අගමැති එලෙස කීවේ මඩකලපුව බස් නැවතුම්පොළේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ ජන රැලියක් අමතමිනි.

හිටපු මන්ත්‍රී අමීර් අලී, පළාත් සභා මන්ත්‍රී දයා ගමගේ මහත්වරු ද ඊට සහභාගී වූහ.

_DSC0349 _DSC0357 _DSC0375 _DSC0385

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි