අපිට සාමකාමීව ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්විය හැකි බව ලෝකයට පෙන්නුම් කිරීමට මෙවර මැතිවරණයේදී හැකිවූ බව පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා අද පොලිස් මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ලැබූ ජයග්‍රහණයන් අන් අයගේ නිදහසට ගරු කරමින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් සාමකාමීව භුක්ති විඳින ලෙසද පොලිස්පතිවරයා ඉල්ලා සිටියේය.


