‘අපේ තාත්තා හොරකම් කළ දේ මැදමුලනෙදි දැක්කා. තාත්තා හොරකම් කළේ ජනතාවගේ හදවත්. දහස් ගණන් මැදමුලනට ආ විට හොරකම් කළ හදවත් දැක්කා.‘ යි හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බදුල්ලේ දී පැවසීය.
කහටරුප්ප ශ්‍රී ජයසුමනාරාම මහා ශ්‍රාවක විහාරයේ මිහින්තලා ආකෘතිය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි රාජපක්ෂ මහතා එලෙස කීවේය.
‘අප ඉදිරියේ විශාල අභියෝගයක් තිබෙනවා. රටේ ඒකීය භාවය නැති කර රට විනාශ කිරීමේ සැලැසුමක් හොර රහසේ ක්‍රියාත්මක වෙනවා.
හොරුන් අල්ලනවා යැයි යහපාලනය කිව්වා. අපේ වතුවලට පැන ලැම්බෝගිනි, ගුවන් යානා හෙව්වා. ඒත් හමුවුණු දෙයක් නෑ. ‘

