රංජන් කස්තුරි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු බහුතරයක් විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කරන බව ශ්‍රීලනිප මැති ඇමැතිවරු 15 දෙනෙක් පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කීහ.
ශ්‍රීලනිපයේ කිහිප දෙනකු පමණක් තම මතයට එරෙහි වූ බවත්, පාර්ලිමේන්තුවට පැමිණීමටවත් ඔවුන්ට කොන්දක් නොවූ බවත් එම මැති ඇමැතිවරු කීහ.
එස් බී දිසානායක, ජෝන් සෙනවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අනුරාධ ජයරත්න ඇතුළු පිරිසක් ඊට එක්වූහ.
විශ්වාස භංගයට පක්ෂව ඡන්දය භාවිත කළ ද ඇමැති මණ්ඩලයෙන් ඉවත් නොවන බව ඔවුහු කීහ.