‘අපි නායකයන් කර තියන් යන්නේ නෑ‘


ජාතික හෙළ උරුමය ප්‍රතිපත්ති මිස පක්ෂ නායකයන් කරගහගෙන නොයන බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පැවති පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.

යහපාලනය සඳහාවන එක්සත් ජාතික පෙරමුණින් තරග කිරීමට ගත් තීරණය මහජන යහපත හා රටේ හා මහජනයාගේ යහපත වෙනුවෙන් ගත් බව ඔහු අවධාරණය කළේය.

පරාදවෙවී කෙඳිරිගගා බලයට ඇති කෑදරකම නිසා බැරි මරගාතේ බලයට ඒමට කෑදරකමින් සිටින නායකයන් පස්සේ හෙළ උරුමය යන්නේ නෑ. සියලු වැසියනට වාද බේද හා ජාති ආගම් කුලමල බේදවලින් තොරව ජීවත්වීමට යහපත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ඇති කිරීම අපේ අරමුණයි. යහපාලනය අපේ අරමුණයි. අවංකව පිරිසිදු චේතනාවෙන් ඉදිරි දැක්මක් ඇතිව මහජන සුබසෙත සඳහා අප ගෙන යන සටනට එක්ව මව්බිම පවුල්වාදයෙන් හා ඒකාධිපතිවාදයෙන් බේරාගැනීමට ඇති මහගු අවස්ථාව ලබන අගෝස්තු 17 වැනිදා උදාවනවා.

_DSC0251 _DSC0254 _DSC0270