(විනීතා එම් ගමගේ)
අපි වැරදිකාරයෝ කරන්න හදන ලාමක උත්සාහවල නිරත වෙන්න එපා. අපි කාගෙන්වත් තේ එකක් වත් බීල නැහැ. අපි ගත්තය කියන දෙයක් පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් කියන්න කියල අපි අභියෝග කරනවා. ’’ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය, පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම් කරු දඹර අමිල හිමියෝ පැවැසූහ.
ජනාධිපතිවරයා භාර ජනතාව භාරදුන් කටයුත්ත නොකර අනෙක් සියලූම වැඩ කරන බවත් ඉදිරි මැතිවරණයේ දී හොඳින් හොයා බලා හොඳම බුලට් ගෙන එන්නට පුරවැසි බලය සුදානම් බවත් උන්වහන්සේ පැවැසූහ.
උන්වහන්සේ මේ අදහස් පළ කළේ මරදානසමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පුරවැසි බලය සංවිධානය විසින් අද (10) පැවැත්වූ මාධ්‍ය හමුවන් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ අමිල හිමියෝ මෙසේ ද කීහ.
පූජාසනය ඉස්සරහට ඇවිත්, අල්තාරය ඉස්සරහට ඇවිත් බුදු අම්මෝ අපි ගත්තේ නැහැ කියන්න නොවෙයි මේ සාකච්ඡුාව කරන්නේ. මේ චෝදනා අපට අදාල නැහැ. මේ වෙනුවෙන් අපට වෙනම දේශපාලන සසාකච්ඡුාවක් කළ යුතුයි. නමුත් අපි කියනවා මිනිසුන්ට අපේ දේශපාලන භාවිතය බලන්න කියා. 2010 දි සරත් ෆොන්සේකා මහතා ජනාධිපති කරන්න කියා කියන්න මම ෙවිදකාවට නැග්ගේ එංගලන්තේ ඉඳල ඇවිත්. ඒ වෙලාවේ පළමු වෙනි රැුස්වීම තිබ්බ විතරයි මාව අත්අඩංගුවට ගත්තා. ඔය මිනිමරුවා මාව තියාගත්තා. ඒත් පුළුවන් වුණාද අපි මොනව හරි ගත්ත කියල කියන්න. කරපිංචා නැට්ටක දෙයක් අරන් තිබුණා නම් මොකද වෙන්නේ.
මේ වගේ දෙකයි පණහේ කොන්ද පණනැති හාදයින්ට පුළුවන් ද අපට චෝදනා කරන්න. හුඟක් අය කිව්වේ මේ වගේ අය අයින් කරන්න බැහැ කියලා. අපි යාපනේ පෙළපාලි ගිය අය. අපි එයා එලෙව්වා. මම අභියෝග කරනවා ජනාධිපතිට, අගමැතිට, හමුදාවන්ට, සි අයි ඞී, එෆ් සී අයි ඞී, එකට යුක්ති සහගත සංගායනාවන්ට එන්ට කියලා.
ඒකයි අපි මේ බය නැතිව අභියෝග කරන්නේ අපි සත පහක් වත් කාගෙන් වත් අරන් නැති නිසයි. මේ තරම් යාලුවෙන් හිටි ජනාධිපති එක්ක මෙහෙම තරහ වුණේ ඇයි කියල පත්තර අහනවා. අපට ඒකට තීන්දු ගන්න වුවමණා වුණේ රටට ඇති ආදරේ පමණයි. නිවැරදි භාවයේ හයිය පමණයි. නැතුව විශ්ව විද්‍යාල පට්ටම් නැත්නම් වෙන ඒවා නොවෙයි.
මෙහෙම නොවෙයි කෙලින් චෝදනා කරන්න පුඵවන් වෙන්න ඕන. එහෙම බැහැනේ. අපිට නම් පුළුවන් කෙලින් හොරාට හොරා කියන්න. කසි්ප්පු කාරයාට කසිප්පු කාරයා කියන්න. අපට නම් පාර්ලිමේන්තු වරප‍්‍රසාද අවශ්‍ය නැහැ.
මහින්ද රාජපක්ෂ ගේන්න වේදිකාවට නැග්ගේ අපි. 2015 අපි එයාට පල කිව්වා. 2015 දි මෛත‍්‍රිපාල සිරිසේන ගෙනාවේ අපි. අවුරුදු තුන යන්න කලින් අපි පල කියනවා.
ටී එන් එල් එකට බාධා ඇති කරමින් ඊ නිවුස් එකට තහනම් ඇති කරමින් මහින්ද කළාට වඩා නරකට දේවල් කරනවා මෙයා. බලාපොරොත්තු වුන, කරන්න කියල දුන්න වැඩ මොකවත් කරන්නේ නැහැ. අපි කිව්වේ මේක හදල යන්න කියලයි. කරන්න කියපු කිසි දෙයක් කළේ නැහැ. වෙනත් දේවල් කර කර තව ඉන්නයි හදන්නේ.
ජනාධිපතිට පුළුවන්නම් කියන්න කියල මම කියන්නේ දඹර අමිල මෙන්න මේවා මගෙන් ගත්තා කියල. මම තේ එකක් වත් බීල නැහැ. බොන්නෙත් නැහැ. ඒ අය තේරුම් අරන් නැහැ අපිව.
ඒ නිසා මම අභියෝග කරනවා ජනාධිපතිට, අගමැතිට, හමුදාපතිට, සි අයි ඞී ලොක්කට, එෆ් සී අයි ඞී ලොක්කට, කථානායකට පාර්ලිමේන්තුවට, මාධ්‍ය ආයතනවල මුදලාලිලාට, මම මේ මොනව හරි අරන් තියෙනවා නම් පෙන්නන්න කියලා. ඉදිරියේදිත් මාතෘ භූමිය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වෙනුවෙන් දිය හැකි ඕනම දෙයක් දෙන්න පුළුවන්. අංග ප‍්‍රත්‍යංග පුදන්න ලෑස්තියි. අපට සල්ලි නැහැ. අපි කරන්නේ රටේ වැඬේ. අපි මෙතන මාධ්‍ය හමු තියන්නේ සමහර විට ණයට, නැත්නම් කොටස් ලෙස ගෙවන්න.
මම කියන්නේ පුළුවන් නම් එළියට ඇවිත් කියපල්ලා අපි මොනවද ගත්තේ කියලා. අපි උත්තර දෙන්නම්. ජනතාවට අපි කියන්නේ අපේ ජීවිතේ ඉතිරි ටිකත් අපි මේ වගේ ම ගත කරනවා. කළු පැල්ලම් තියාගන්නේ නැහැ. ඒ ගැන සැකයක් තියා ගන්න එපා කියලයි. ’’ යැයි ද අමිල හිමියෝ පැවැසූහ.
(ඡායාරූපය - ලහිරු හර්ෂණ )