(මුදිතා දයානන්ද)
“අධ්‍යාපනයට රාමුවක් හදන්න කාටවත් බැරිවුණා. එය අපි කළා. එය ඉදිරියට ගෙන යාමේ වගකීම ඔබ සතුයි” යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ අරලිය ගහ මන්දිරයේදී අද(08) පැවති ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව නිම කළ ඩිප්ලෝමාලාභීන්ට සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙම පාඨමාලාව සම්පූර්ණ කළ 10,121 දෙනෙකුගෙන් 2,133 දෙනෙකුට අද සහතික පත් ප්‍රදානය කරනු ලැබිණි.
එහිදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
“එදා මම අධ්‍යාපන ඇමතිකම භාරගනිද්දී වැඩියෙන්ම හිටියේ නුපුහුණු ගුරුවරු. එවිට අපි තීරණයක් ගත්තා මුලු රටටම පුහුණු ගුරුවරු ඇති කළ යුතුයි කියලා. එදා සිට වසර වසර 30ක් ගත වුණා. මේ ක්‍රියාපිළිවෙළ අවසන් කරන්න තව වසර තුන හතරක් යාවි. අපි මේක වසර 15කින් අවසන් කරන්නයි හිටියේ. අද අපි ඩිප්ලෝමාධාරීන් 3,000කට පත්වීම් ලබාදෙනවා. සම්පූර්ණයෙන්ම දැනට පුහුණු කරලා 10,000කට පත්වීම් ලබාදෙන්න තිබෙනවා. ඔබ සියලු දෙනාම දැනුම අරගෙන පාසලට යන්නේ. ඔබට අමතරව අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව ලබන 80,000ක් දැනට සේවයේ යෙදී සිටිනවා. අකිල විරාජ් කාරියවසම් මහතා ඇමතිකම භාරගනිද්දී මම කිව්වා ඇමතිකම තියාගන්න ඕන නම් නුපුහුණු ගුරුවරු බඳවාගන්න එපා කියලා.
මේ රටේ අධ්‍යාපනය දියුණු කරන්න පළමුව අවශ්‍ය වන්නේ හොඳ පුහුණු ගුරුවරු. ආණ්ඩුවක් හැටියට 2015 රට භාර අරන් අගමැති වුණාම මම හිතුවා එදා කරන්න බැරිවුණ වැඩේ දැන් කරලා අවසන් කරන්න ඕන කියලා. ඒ දේ කරලා අවුරුදු තුන හතරක් බැණුම් ඇහුවත් කමක් නැහැ. පස්වෙනි අවුරුද්දේ අපිට ප්‍රතිඵළ ලැබෙනවා. දැන් මේ පේන්න තියෙන්නේ ඒ ප්‍රතිඵල. අපිට අවශ්‍ය වුණේ අපේ සිසු පරපුරට අපිට වඩා හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. ඔබ සියලු දෙනාම සාර්ථක වුණොත් රටත් සාර්ථක වෙයි.”
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)







