‘අප්පච්චි මළා කීවේ මහින්දගේම පිරිසක්‘


 අප්පච්චි මලා  යැයි  කීවේ  හිටපු  ජනපතිට  සහය දැක්වු  පිරිසක්  බවත්  , තමා  පරාජය වුයේ නම් නැවත මැතිවරණයකට  තරඟ නොවදින බවත් අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ මහතා  කීවේය.

ඔහු මේ  බව පැවසුවේ  ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුවේ  අද (19) පැවති මාධ්‍ය  හමුවකදී  මාධ්‍යවේදීයෙකු  නැඟු ප්‍රශ්නයකට  පිළිතුරු  දෙමිනි. 

නව මැතිවරණ ක්‍රමයක්  ක්‍රියාත්මක කරන්නේ  නම්  සීමා  තීරණය කිරීම , ජනතාවගේ  අදහස්  විමසිම  වැනි  කාර්යයන්  සිදු  කළ යුතු බවත්  ළඟ එන මැතිවරණයෙන්  පසුව එය සිදු  කරන බවත්  ඒ මහතා  ප්‍රකාශ කළේය.

(වීඩියෝ හා ඡායාරූප ඉෂංක සුනිමල්)

DSC_0400  DSC_0416