‘අප පැතූ නව දේශපාලන සංස්කෘතිය ඇතිවුණා‘


අප පැතූ නව දේශපාලන සංස්කෘතියක් මේ රටෙහි ඇති කරගන්නට හැකිවිම ගැන හා හැමදාම පාට පක්ෂ අල්ලගෙන රංඩු කිරීම වෙනුවට වසර දෙකක් සදහා ජාතික එකඟතාවක් අනුව මේ රටේ අතපසු වි ගිය වැඩ කටයුතු කර ගැනීමට එකමුතු වීම ගැන සතුටක් ඇතිවන බව  කතානායක කරු ජයසුරිය මහතා සඳුදා (7) මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණ ආශිර්වාද ලබාගත් අවස්ථාවේදී මාධ්‍ය හමුවේ පැවසීය.

ස්වාධීන කොමිෂන් සභා කඩිනමින් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් පසුගිය දිනවල කල්ගිය පනත් වල තොරතුරු දැනගැනීමේ පනත.විගනන පනත් වල වැඩ කටයුතු බොහෝ දුරට අවසන් කර ඒවා මේ මස අවසන් වන්නට ප්‍රථම  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවන බවත් කතානායකවරයා කීවේය.

Karu@kandy_201598pic1 Karu@kandy_201598pic2