‘අඳුරු වලාවේ රිදී රේඛාවක්‘


හිටපු හමුදාපති සරත් පොන්සේකා නිදහස් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා රජය සමග පවත්වන සාකච්ඡාවල ධනාත්මක ස්වරුපයක් ඇතැයි අනෝමා පොන්සේකා මහත්මිය පවසන්නීය. තම සැමියා හෝ තමා හෝ පවුලේ වෙනත් අයකු හෝ කිසිදු ලෙසකින් සමාව නොඉල්ලන බව අවධාරණය කළ ඇය සාකච්ඡා සඳහා දෙපාර්ශවයෙන්ම කොන්දේසි මාලාවක් පවතින බව කීවාය. කෙසේ වෙතත් මීට වඩා යමක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි බවත් අද පිටකෝට්ටේ සෝලීස් ශාලාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඇය කීවාය. මෙ මස 8 වැනි දාට සරත් පොන්සේකා සිරගත කොට දෙවසක් පිරෙයි.