( වීනීතා ගමගේ )
නුගේගොඩ අනුලා විද්‍යාලයට තමන් බලෙන් ඇතුළු වූ බවට නඟන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ප‍්‍රකාශ කළේය.
දහම් පාසල් දරුවන් මහ පාරට ඇද දමා ඇති බැවින් තමන් එහි ගොස් මැදිහත් වී දරුවන්ට දහම්පාසල විවෘත කර දුන් බවත් එය වරදකැයි තමන් නොදකින බවත් හෙතෙම කියා සිටියේය.
බෞද්ධාගම වෙනුවෙන් තමන් ඉදිරිපත් වීම වරදක් දැයි තමන් ප‍්‍රශ්න කරන බව ද ඔහු සඳහන් කළේය.
හරි කවුද වැරදි කවුද යන්න පසුව තීරණය කරන තුරු දරුවන්ට දහම්පාසැලේ ඉගෙන ගන්නට දෙන්නැයි තමන් උපදෙස් දුන් බවත් අදාල අංශ විසින් හරි වැරද්ද තීරණය කළ පසු කරන දෙයක් කරන්නැයි තමන් පැවසූ බවත් හෙතෙම පැවැසීය.
එකී දහම් පාසලට එන දැරියන් ගෙන් වැඩි පිරිස අනුලාවේ දැරියන් යැය පැවසූ ආණ්ඩුකාරවරයා දහම් පාසල් වැසීමට නොව තව තවත් අරින්නට කටයුතු කළ යුතුයැයි ද යම් පුද්ගලයෙක් කළේ යැයි කියන වරදකට දහම් පාසැලේ දරුවන් වගකිව යුතු වන්නේ දැයි ප‍්‍රශ්න කළේය.
ආණ්ඩුකාර පදවිය දරණ තමන්ට පක්ෂ පාට හෝ ජාතිය පිළිබඳ කිසිදු වෙනසක් නොවන්නනේ යැයි පැවසූ අසාද් සාලි මහතා ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නට ඒ කිසිවක් උවමනා නොවන්නේ යැයි ද පැවැසීය.