ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව පිහිටැවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ස්වාධීන කොමිෂන් සඳහා සාමාජිකයන් පත් කර ජනපතිගේ අනුමැතියට යවා දින 14කට පසු ජනපති අනුමැතිය නොලැබුණ ද එම සාමාජිකයන් අදාල කොමිසමට පත් වූ බව සලකන්නේ යැයි නීති විශාරදයෝ කියති.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව 41 (ආ) ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියෙන් එසේ සිදු වන බව ඔවුහු පවසති.
41 (ආ) ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය මෙසේය.
(4) පත් කිරීම් සඳහා සභාවේ නිර්දේශය ලැබුණු දින සිට දින දාහතරක් ඇතුළත ජනාධිපතිවරයා විසින්, මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් කොමිෂන් සභාවල සභාපතිවරුන් සහ සාමාජිකයන් පත් කරනු ලැබිය යුත්තේ ය.
එකී දින දහහතරක කාල පරිච්ඡේදය තුළ අවශ්‍ය පත් කිරීම් කිරීමට ජනාධිපතිවරයා අපොහොසත්වූ විටක, එකී කාල පරිච්ඡේදය අවසන් වන දින සිට
බලපැවැත්වෙන පරිදි :-
(අ) කොමිෂන් සභාවක සාමාජිකන් ලෙස පත්කරනු ලැබිය යුතු බවට (3) වන අනු ව්‍යවස්ථාව යටතේ නිර්දේශ කරනු ලැබූ තැනැත්තන් කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත්කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුත්තේ ය. සහ
(ආ) කොමිෂන් සභාවක සභාපතිවරයා ලෙස පත්කරනු ලැබිය යුතු බවට (3) වන අනු ව්‍යවස්ථාව යටතේ නිර්දේශ කරනු ලැබූ නම් සඳහන් ලැයිස්තුවේ පළමුව නම දැක්වෙන තැනැත්තා අදාළ කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් පත්කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුත්තේ ය.

