තම මව වන හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, තම පියා, නැන්දා සහ මාමා මෙන්ම තමාද දේශපාලනඥයන් නොවන බවත්, එනමුත් ගිය රජය තම පවුල පීඩනයට පත් කළ බවත් හිටපු අගවිනිසුරුවරියගේ පුත් ශවීන් බණ්ඩාරනායක කාරියවසම් ෆේස්බුක් වෙබ් අඩවියේ සටහන් කර ඇත.
හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ගෙන්වීම මේ රජයෙන් කරන පලිගැනීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සටහන් කළ පණිවුඩයට ප්‍රතිචාර ලෙස ශවීන් එම පණිවුඩය සටහන් කර තිබේ.
ශවීන්ගේ පණිවුඩය මෙසේය.
‘මගේ මව, පියා, , නැන්දා, මාමා සහ මම ද දේශපාලනඥයන් නොවේ. පහුගිය අවුරුදු දෙක හමාරේ ඔබගේ ආණ්ඩුව මගේ දෙමාපියන්ට කළ පීඩා මට කොපමණ දැනුනාදැයි සිතන්න. මගේ දෙමව්පියන් අල්ලස් කොමිසමට ගෙන ගිය අවස්ථාවේ මට මොනවද දැනුණේ? හරකුන් දක්කාගෙන යනවා වගේ මගේ දෙමාපියන් අධිකරණයට ගෙනයද්දී මට කොහොමද දැනුණේ? හේතුවක් නැතිව රජයේ මාධ්‍ය මගේ දෙමාපියන්ට නිග්‍රහ කරද්දී මට කොහොම දැනෙන්නට ඇත්ද?
ඔබ සාධාරණය අනුකම්පාව අයදින්නට පෙර නීතීඥයකු ලෙස ස්වභාවික යුක්තියේ මූලධර්මය ගැන බලන්න.‘
ශවීන්ගේ මෙම ප්‍රතිශාරයට 2532 දෙනකු කැමැත්ත පළකර ඇති අතර 53 දෙනකු ප්‍රති උත්තර සපයා ඇත.

