ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් පරාජය කැර ජන ජීවිතය හා ජාතික සමගිය වෙනුවෙන් මැදිහත් වන ලෙස ආගමික නායකයන්ගෙනුත් උගතුන්ගෙන් හා බුද්ධිමතුන්ගෙනුත් ඉල්ලන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා බත්තරමුල්ල ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
අලුත්ගම සිද්ධියෙන් තිදෙනකු මියගොස් ඇතැයි ද, මෙය අන්තවාදීන් විසින් අවුළුවන ලද ගැටුමක්යැයි ද එය ඇවිළවූ අයටම දැන් නිවා ගන්නට බැරි වී ඇතැයි ද ඔහු කියයි.
‘මෙම සිදුවීම් අවුළුවන අයට රාජ්‍ය මැදිහත්වීම් ඇති බව පොලිසිය දන්නවා. එමෙන්ම ආණ්ඩුවේ දේශපාලනඥයන් මේ සිදුවීම පිටුපස ඉන්නවා. එය ආරක්ෂක අංශවලට බාධාවක් වී තිබෙනවා. ආණ්ඩුවේ දේශපාලකයන් දේශපාලන හා ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් ඇති කළ ගැටුම් කොල්ලකෑම් දක්වා වර්ධනය වී තිබෙනවා. ‘ යැයි ද ඔහු කීවේය.

