පූගොඩ සහ දොම්පේ පොලිස්වසම්හි අනවසර වැලි ලොරි අැල්ලීමෙන් වලකින ලෙස තරුණ දේශපාලනඥයකු පොලිසියට බලපෑම් කර ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
කැලණි ගඟෙන් අනවසරයෙන් වැලි ගොඩ දමන පිරිසකගේ කීම මත එම දේශපාලනඥයා පොලිසියට අනිසි බලපෑම් කරන බව ද ඔවුහු පවසති.
මේ ගැන කළ විමසීමක දී බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කීවේ එවැනි බලපෑම් කිරීමක් ගැන තමා නොදන්නා බවයි. ඒ සම්බන්ධයෙන් සොයා බලන බව ද ඔහු කීවේය.

