‘අනතුරින් ගිනි බෝල‘


බණ්ඩාරගම කළුතර ප්‍රධාන මාර්ගයේ උසාවි හන්දිය ආසන්නයේදී අද පාන්දර 5 ට පමණ කන්ටේනරයක් අධිබල විදුලිය රැහැන් සහිත කණුවක ගැටී සිදුවූ අනතුරින් විදුලිබල පද්දතියට දැඩි හානි සිදුව අති අතර අනතුරත් සමගම අවට නිවාසවල ගිනිබෝලයක් සේ රත් පැහැයෙන් විනාඩි දහයක පමණ කාලයක් පැවති බව නිවැසියෝ පවසති.විදුලි උපකරණවලටද හානි වී ඇතැයි ඔවුහු කියති.

කොළඹ සිට ගල්ල බලා සබන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී මේ අනතුර සිදු විය