‘අධිකරණ නියෝගවලට අවනත වන්න‘


දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂකට, පින්නවල අලි අනාථාගාරයේ සහකාර අධ්‍යක්ෂකට හා වන සත්ත්ව පාලකවරයාට අධිකරණ නියෝගවලට අවනතව කටයුතු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (7) තරයේ අවවාද කළේය.

ව්‍යාජ බලපත්‍ර සහිතව අලි රොෂාන් ළඟ සිටි අලි රහස් පොලිසිය සොයාගැනීමෙන් පසු පින්නවල අලි අනාථාගාරයට බාර දීමට ගිය අවස්ථාවේ එම අලි බාර නොගෙන අධිකරණට අපහාස කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙසේ අවවාද ලබාදුන්නේය.