‘අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යධුරය නමට පමණයි‘


(නිමල කොඩිතුවක්කු)

තමන්ට ලැබී ඇති රාජ්‍ය අමාත්‍යධුරය නමට පමණක් ලැබී ඇති බවත් කිසිදු වැඩක් කිරීමට නොහැකිව තමන් දැඩි කළකිරීමට පත්ව ඇති බවත්  අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය  වී රාධක‍්‍රිෂ්ණන් මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ අමාත්‍යාංශ නිලධාරීන් පමණක් සියලූ බලතල තබාගෙන සිටින බැවින් තමන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් තමන් ලබන 23 වැනි දා අයවැය කථාවේදී පාර්ලිමේන්තුවට විශේෂ ප‍්‍රකාශයක් කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

අඩුම තරමින් තමන්ට පත්වීමක් ලබාදීමට, මාරුවීමක් ලබාදීමට හෝ පාසලකට ළමයකු දැමීමට හෝ හැකියාවක් නොමැති බවද  අමාත්‍යවරයා කියයි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද(09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.