‘අද වැඩියෙන් ඇහෙන්නේ දේශපාලන බණ’


අද හාමුදුරුවරුන් බොහෝ දෙනෙක් බණ කියනවා කියලා කියන්නේ බණ නොවේ.දේශපාලනය ගැන.එහෙම නැත්තම් දේශපාලනඥයින්ගේ ගුණදොස් යැයි අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක මහතා අනුරාධපුර හයලේ ගම අග්‍රාරාමයේ පිංකමකදී පැවසීය.

‘දැන් අපි බුදු දහමින් ඈත් වෙලා යැයි  හිතෙනවා.එහි ඵල විපාකත්  හැමදාම අසන්නට ලැබෙනවා.මිනී මැරුම්, දුෂණ කොල්ලකෑම් වැනි දේ අද ඕනෑ තරම් සිදු වෙනවා.මේ තත්වය අපට තවමත් තේරෙන්නේ නෑ.ඒත් අපි ලොකු අවදානමකයි ඉන්නේ. දරුවන් දහමට යොමු කිරීමයි එකම විසඳුම.’