(දයාරත්න ඇඹෝගම)
ලංකාව ලොකයේ බල පුළුවන්කාරයන්ගේ පහසු ගොදුරක් බවට මේ වන විට පත්ව තිබෙන බවත් ඒ උවදුරින් රට බේරා ගැනිම සඳහා මහා සංඝරත්නය හා විද්වතුන් ගන්නා තින්දු තිරණ සමග එක්ව රට බේරා ගැනිමේ අරගලයට ඉදිරියේ තමන් වහන්සේලා එක්වන බවත් බොදුබල සේනා ජාතික සංවිධානයේ මහා ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවසුහ.
අනුරාධපුර ක්‍රෙස්ටන් පාර්ක් හෝටලයේ අද(24) පැවැති මාධ්‍ය හමුවකදි උන්වහන්සේ මේ බව පැවසුහ.
‘‘මේ රටේ ජනාධිපතිවරයා ගැනත් විශ්වාසයක් තියන්න බැහැ. අපට එකක් කියනවා වෙනත් දෙයක් කරනවා. ඕනෑම ආයතයකට රටකට පරිසරයකට නායකයෙක් නැති වුනත් විනාශයි. නායකයෝ ගොඩාක් හිටියත් විනාශයි. අද අපේ රටට නායකයෝ ගොඩාක් ඉන්නවානේ. මංගල සමරවිර නායකයෙක්. අගමැති රනිල් නායකයෙක්. රාජිත සේනාරත්න නායකයා. ඒ නිසා අපට හිතා ගන්න බැහැ මේවා කොහෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. රට බෙදුම්වාදයට තල්ලු වෙමින් තියෙනවා. උතුරේ කටයුතු විග්නේෂ්වරන්ට ඕනේ විදියට ක්‍රියාත්මක වෙනවා. උතුර ලංකාවේ කොටසක් නෙමේද. මේ ව්‍යවස්ථාව උතුරට වලංගු නැද්ද? දැන් අපි මොනවා හරි ප්‍රශ්නයක් කතා කළොත් අම්මේ ජාතිවාදි ආගම් භේදය අවුස්සනවා කියලා පොලිස් බලමුළු දාලා අපිව හොයනවා රටපුරා. විග්නේෂ්වරන් ගෙන් කට උත්තරයක් ගන්න කෙනෙක් නැහැ. එතකොට උතුර වෙනම ප්‍රාන්තයක් වෙලාද? අපි දන්නවා මේ මොහොත වන විට උතුරේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. හමුදා ගාල් කරලා තියෙනවා කඳවුරුවලට. පොලිසියෙන් දකුණේ ක්‍රියාත්මක වෙන බැටන් පොලු උතුරේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සිවාජිලිංගම්ලට වෙන විදියක් මොනවද රටට මේ සපයන විහිලු‘‘ යැයි ද ඒ හිමියෝ කීහ.
මෙම මාධ්‍ය සාකච්ජාවට සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති ජඹුරේවල චන්දරතන හිමියෝද සහභාගි වුහ.

