‘අත්අඩංගුවට ගන්නා කහ අධිකරණ කටයුතුවලින් පසු විනාශ කරනවා’



(ඩයනා උදයංගනී)

නීතිවිරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ගෙන්වා අත්අඩංගුවට ගන්නා කහ තොග රාජසන්තක කර විනාශ කරන බව ‍ශ්‍රී ලංකා රේගුව පවසයි.

රට තුළ කහ හිඟයක් ඇතත් නීතිවිරෝධීව ගෙන එන කහ වෙළඳපළටට නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නීතියට අනුව නැතැයි රේගුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා දැනට අත්අඩංගුවට ගෙන රේගු භාරයේ පවතින කහ තොග අධිකරණ කටයුතු අවසන්වීමෙන් පසු විනාශ කිරීමට නියමිත බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ අත්අඩංගුවට ගන්නා කහ තොග සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මොනවාදැයි ලංකාදීපය කළ විමසීමකට පිළිතුරු දෙමිනි.