‘අත එකතු කරන්න චමල්‘ - සරත් අමුණුගම


ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දැනට ඇතිවී තිබෙන දෙකඩ වීම සමතයකට පත්කිරීම සඳහා එම දෙපාර්ශවයටම එකඟ විය හැකි අයෙකු වන කතානායක චමල් රාජපක්‍ෂ  අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂක ලෙස නම් කිරීම කෙරෙහි   අවධානය යොමුව ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය සරත් අමුණුගම මහතා පැවසීය.

පක්‍ෂයේ බොහෝ දෙනෙකු මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන වෙනත් පක්‍ෂ නියෝජිතයන් ද චමල් රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කළ යුතු බවට යෝජනා කර ඇතැයි ඇමතිවරයා ස`දහන් කළේය.

මේ යෝජනා පිළිබඳව ජනාධිපතිවරයාට ද දැනුම් දී ඇති බව  අමුණුගම මහතා කීවේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන වෙනත් පක්‍ෂ සම`ග සාකච්ජා කර තීන්දු තීරණ ගැනීම සදහා ජනාධිපතිවරයා විසින් පත් කර ඇති තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමට බොහෝ දෙනෙක් මෙම යෝජනාව කළ බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

අමාත්‍ය සරත් අමුණුගම මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මීට අමතරව පක්‍ෂයේ දෙපාර්ශවයටම එකඟ විය හැකි පිරිසකට ඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදීම කෙරෙහි පක්‍ෂ නාමයෝජනා කමිටුවේ අවධානය යොමුව ඇති බව ද ඇමතිවරයා කීවේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පැවසුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා කතානායක චමල් රාජපක්‍ෂ මහතා පසුගිය 30 වැනිදා මුණගැසී සාකච්ඡා කර ඇති අතර එය ඉතා සාර්ථක වී ඇති බවයි.

දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමට චමල් රාජපක්‍ෂ මහතා ගෙන ඇති තීරණය වෙනස් කරන ලෙස මෙන්ම  ඉදිරි මහ මැතිවරණය සදහා තරග කරන ලෙසද ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලීමක් කර ඇති බව  ද සුමතිපාල මහතා කීවේය.

(වීඩියෝ සනත් ඩෙස්මන්)

(වීඩියෝ ගයාන් අමරසේකර)

GLA_5642 GLA_5645 GLA_5654