මහ බැංකුවට ණය ගැනීම සඳහා විකල්ප ක්‍රම 4ක් තිබෙන හෙයින් එවැනි විකල්පයක් තෝරාගත්තේ නම් මීට වඩා අඩු පොළියකට ණය ගැනීමට අවස්ථාව තිබූ බව ‘මහ බැංකුවේ බැඳුම්කර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා කියයි.
මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් කෝප් කමිටුව පිටු 447 ක අංග සම්පූර්ණ වාර්තාවක් සකස්කර තිබෙන අතර එම වාර්තාව පිළිබඳව අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පවසයි.
කෝප් කමිටුවට ගෞරවයක් තිබෙන අතර එහි රහස්‍ය භාවය ආරක්ෂා කරගත යුතු හෙයින් දේශපාලන වේදිකාවේ එම වාර්තාව මාතෘකාවක් කර නොගන්නැයි දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටින බවද ඩිව් ගුණසේකර මහතා කියයි.


