මෙවර මැතිවරණයේදී පාට පක්ෂ බේදයක් නැති බවත් ජනතාවට අවශ්‍යව ඇත්තේ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා බියගම පැවැති රැස්වීමකදී පැවසීය.
‘එජාපය කවදාවත් ජාති, ආගම් බේද ඇතිකළේ නැහැ. සෑම ජාතියක් සමගම සුහදව කටයුතු කරනවා. අද මේ රටේ දේශපාලනය දෙස බලනකොට අගෝස්තු 17 වැනිදා විශාල පෙරළියක් සිදුවීම ඒකාන්තයි‘
කැළණිය බියගම ප්‍රදේශවල ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අාදී පක්ෂ ගණනාවක 400 අධික පිරිසක් එජාපයට එක් විය. හිටපු පොදු පෙරමුණු ප්‍රාදේශිය මන්ත්‍රී සුසිල් රෝහණ මහතා ද එක් වු පිරිස අතර වෙයි.







