‘අපි දූෂණයෙන් තොර පාලනයක් ඇති කරන්නේ මේ රටේ ජීවත් වන අහිංසක ජනතාවට සේවයක් කිරීමට මිස කිසිවකුගේ බඩකට පුරවන්න නොවෙයි.‘ යි දැරණියගල එජාප සංවිධායක රුක්මන් සේනානායක මහතා කෑගල්ල නගරයේ පක්ෂ කාර්යාලයයක් විවෘත කිරීමේ උත්සවයක දී කීවේය.
‘ලබන 17 වැනි දා එජාප රජයක් බිහි වෙනවා. එය කිසිවකුට නතර කරන්න බැහැ. කෑගල්ල දිස්ත්‍රික්කයත් එජාපය ජය ගන්නවා. දුප්පත් ජනතාවට සේවය කරන්න අපි බැඳී ඉන්නවා. පසුගිය රජය විවිද දෑ කළා කිව්වට දුප්පත් ජනතාවගේ අවශ්‍යතාවය දැනගෙන හිටියේ නැහැ. ජනවාරි අට වැනි දා ජයග්‍රහණය ලබන මහ මැතිවරණයේ දී විජයග්‍රහණයක් කර ගන්නවා.‘



