‘අගමැතිධුරය අහිමි වීම ඉරහද මෙන් විශ්වාසයි‘ - උදයගම්මන්පිල


(සුජිත් හේවාජුලිගේ)

රනිල් වික්‍රමසිංහ  මහතාට  අගමැති තනතුර අහිමි වීම ඉර හද මෙන් විශ්වාස යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා  පැවසීය.

අගමැතිතුමාට  දැන්  තියෙන්නේ විකල්ප දෙකයි. අප්‍රේල් 4 වැනිදා වසර 12 ක් පුරා බැනුම් අහලා පැරදිලා ගෙදර යන එක එක් විකල්පයක්.අනික් විකල්පය ඉල්ලා අස්වෙලා නම්බු පිටින් ගෙදර යන එක.
බොරැල්ල කොටා පාරේ  ආචාර්ය එන්එම් පෙරේරා  අනුස්මරණ ශාලාවෙදී පැවැති  ප්‍රවෘත්ති  සාකච්ඡාවකදී  ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.