‘අගමැතිගෙ ජපන් සංචාරය සාර්ථකයි‘ - සුසිල්


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරය ශ්‍රී ලංකාවට මහත් ප්‍රයෝජන ගෙනදුන් සාර්ථක චාරිකාවකැයි තාක්ෂණ ඇමැති හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා තෝකියෝහි දී ලංකාදීපයට පැවසීය.

මෑත කාලයේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු හෝ අගමැතිවරයකු ජපානයේ කළ සාර්ථකම සංචාරය මෙය යැයි ද ප්‍රේමජයන්ත මහතා කීවේය.