සාමාන්‍ය සම්ප්‍රදාය නම් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක අගමැති වීම යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.
ඊළඟට අගමැති වන්නේ කවුරුන්දැයි මාධ්‍යවේදියකු විමසීය.
ඔහුගේ වම් පසින් වාඩි වී සිටියේ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාය.
‘සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තමයි ආණ්ඩුවක් පිහිටවූ විට අගමැති වෙන්නේ. ඇයි මගේ වම් පැත්ත බලන්නේ නැත්තේ.‘ යැයි යාපා මහතා සිනා සෙමින් කීවේය.

