‘අගමැති විශ්වාස භංගය එපා යැයි ජනපති කියා නැහැ‘


අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධ විශ්වාසභංග යෝජනාව ඉවත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අනුර පියදර්ශන යාපා මහතා කියයි.

අගමැතිවරයාට විරුද්ධ විශ්වාසභංගය ඉවත් කර ගැනීමට තම පක්ෂයට කිසිදු අදහසක් නැතැයි ද ඔහු පවසයි.