20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරියාකාරව කළ නොහැකි නම් පාර්ලිමේන්තුව නොපමාව විසුරුවා හැරිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ සුළු පක්ෂ කිහිපයක් නායකයන් හමුවූ අවස්ථාවකදී ප්‍රකාශ කළහ.
‘20 වැනි සංශෝධනය මේ පාර්ලිමේන්තුවෙන් හරියාකාරව කරගත නොහැකි නම් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පවත්වා අලුත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් එම සංශෝධනය සම්මත කර ගත යුතුයි. 20 වැනි සංශෝධනයට සුළු ජාතීන්ගේ, සුළු පක්ෂවල අදහස්ද සැලකිල්ලට ගැනීම වැදගත්. විස්ස ගැන දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය වෙනුවට සුළු පක්ෂවලද අදහස් ඇතුළත් කර හැදූ නව ගැසට් නිවේදනයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිනවා. විවිධ පුද්ගලයන්ගේ කකුල් මාට්ටු නිසා 19 වැනි සංශෝධනය හරියාකාරව ක්‍රියාත්මක කරගන්න බැරිවුණා. 20 වැනි සංශෝධනයටද එවැනි ඉරණමක් අත්වීම වැලැක්විය යුතුයි‘

