සුළු හා සුළු ජාතික පක්ෂවල විරෝධය නොතකා ප්‍රධාන පක්ෂ දෙකෙහි සහය ලබාගෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළහොත් එය නැවතත් රටේ බෙදීමකට හේතුවිය හැකි බව ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කැපවීමක් කළ සුළු ජාතික පක්ෂවල මතයට ගරු නොකර ව්‍යවස්ථාව සංශෝධනය කීරිම සදාචාරාත්මක නොවන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර සම්මත කරගත්තත් එය ඉදිරි මහ මැතිවරණයේ දී යොදා ගැනිමට නොහැකි වනු ඇතැයි කි අමාත්‍ය නවීන් දිසානායක මහතා නව මැතිවරණ ක්‍රමය යටතේ මැතිවරණයක් පැවැත්වීමට හැකිවන්නේ 2019 දී හෝ 2020 දි බව ද කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී අද (25) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.




