20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ශක්තිය හා ධෛර්ය ලැබේවායි කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ අද (05) පන්නිපිටියේ පැවැති පිංකමක දී සෙත් පැතූහ.
පන්නිපිටිය මාකුඹුර පුරාණ විහාරයේ නව ධර්ම මන්දිරය විවෘත කිරීම මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ජනපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දිනේෂ් ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු හිටපු මන්ත්‍රීවරු පිරිසක් ද ඊට එක්ව සිටියහ.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)











