එක්සත් ජාතික පක්ෂයට නව මැතිවරණ ක්‍රමයක් ඇති කරන විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි නම් ඔවුන් තම ආණ්ඩු බලය අත්හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට ආණ්ඩු බලය ලබා ගැනීමට ඉඩ දිය යුතු යැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
විස්ස සම්මත කර ගැනීම කඩා කප්පල් කිරීමට හවුල්කාර පාර්ශ්ව සමඟ එක්ව දෙබෙඩි ප්‍රතිපත්තියක් අනුව කකුලෙන් අදින බව ද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විපක්ෂය ප්‍රායෝගික ක්‍රමෝපායන් හරහා එය සම්මත කර ගැනීමට කටයුතු කරන බව ද සිරිපාල මහතා සඳහන් කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ගැනීමට ලබන බ්‍රහස්පතින්දා (25) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී දිනයක් ලබා ගන්නා බවත්, ජූලි තුන් වැනිදාට පෙර එය විවාදයට ගත යුතු බවත් විපක්ෂ නායක කීවේය.

