වත්මන් මැතිවරණ ක්‍රම සංශෝධනය ගැන විශේෂ විවාදයක් පැවත්වීමට අඟහරුවාදා (23) පාර්ලිමේන්තුවේ පැවැත්වීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද කොළඹ ශ්‍රාවස්තියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.
‘සුළු පක්ෂ මේ ගැන පාර්ලිමේන්තුවේ හෙට විවාදයක් ඉල්ලලා තියෙනවා. නමුත් අපි ඒකට විරුද්ධයි. මේක ගෙනාවේ තුන් සැරයක් කල් දාලා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාම රවුෆ් හකීම් මේකට එකඟ වුණා. දැන් සුළු පක්ෂවලට අවාසියි කියනවා. මේ විවාදේ ඉල්ලලා තිබෙන්නේ 20 ට කකුලෙන් අදින්නයි. මේ රටේ ජනතාවට පැහැදිලිවම පේනවා රනිලුත් අකමැතියි. ජවිපෙත් අකමැතියි. ‘ යනුවෙන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
‘අපේ රජය කාලයේදී කොටි සංවිධානයට නැවත හිස එසවීමට ඉඩ නොදී ජාතික ආරක්ෂාව හොඳින් තර කරලා තිබුණා. ඒක අද අඩු වෙලා තියෙනවා. එහෙම වෙන්න ඉඩ තියන්න එපා‘ යැයිද විපක්ෂ නායකවරයා කීවේය.
එම අවස්ථාවට සුසිල් ප්‍රේම්ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුද එක්ව සිටියහ.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(වීඩියෝ ශාන්ත රත්නායක)
(ඡායාරූප ශාන්ත රත්නායක)
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක



