19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරද්දන බව විදුලිබල ඇමැති චම්පික රණවක මහතා අද බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
විධායක ජනාධිපති ක්‍රමයේ අත්තනෝමතික බලතල ඉවත් කිරීම සඳහා ඇමැති මණ්ඩලය සහ දේශපාලන පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාවලට හාත්පසින්ම පටහැනි ලෙස 19 වැනි සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කර ඇතැයි ද, එය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඕනෑකමට කර ඇතැයි ද යෝජනා කළේය.
මහජන ඡන්දයෙන් බලයට පත්වීමට නොහැකි අයට ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් බලය ලබා දෙන ක්‍රියාවලියක් මෙම සංශෝධනයේ ඇතැයි ද ඔහු කීවේය.
එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී පරාජය කරන බව ද ඇමැතිවරයා පැවසීය.
මේ ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ රාජ්‍ය නායකයා වන ජනපති පඹයකු බවට පත් කර ආණ්ඩුවේ නායකයා බවට අගමැති පත් කර ගැනීම බව ද ඔහු කීවේය.
විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට පසුගිය ජනපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයට මෙම සංශෝධන විරුද්ධ බව ඇමැතිවරයා සඳහන් කළේය.

