‘ හමුදා කර්නල්වරයා ඉදිරියේ හඩා වැටීම කොටි සංවිධානයට කළ ද්‍රෝහි කමක්‘ - එම්.කේ.සිවාජිලිංගම්


  (රොමේෂ් මධුෂංඛ)
 
කිලිනොච්චියේ සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ සිටි කර්නල් වරයා ඉදිරියේ හිටපු කොටි සාමාජිකයින් හඩා වැලපීම ඊලම ඉල්ලූ කොටි සාමාජිකයින්ට සිදු කළ ද්‍රෝහි කමක් බවට උතුරු පළාත්සභා දෙමළ ජතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා කියා සිටියේය.


මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය මාධ්‍ය සමාජියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වීමෙනි.

එහිදී මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසුයේ 


‘තමන්ට අණ දුන් පාලකයෙකු වෙන්වන අවස්ථාවේදී අපේ ගම් වල මිනිස්සු හැසිරෙන ආකාරය මේ වගේ තමයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් හිටපු කොටි සාමාජිකයින් මේ විදිහට හැසිරුණු එක වැරදියි . මොකද අවුරුදු ගාණක් මේ රටේ දෙමළ ඊළම ඉල්ලා මිය ගිය කොටි සාමාජිකයින් සිදු කළ ද්‍රෝහිකමක් කියලයි මම හිතන්නේ.


 ස්ථාන මාරුවීම ලබා ගිය කර්නල්වරයා හොඳ කෙනෙක් වෙන්න පුළුවන් නමුත් ඒ කර්නල් වරයාට එලෙස සැළකීම තුලින් අනෙක් පැත්තෙන් උතුරේ යුද හමුදාව කඳවුරු තුළ තවදුරටත් රැඳි සිටිය යුතුයි කියන මතය මිනිස්සුන්ගේ ඔලු වලට යනවා මෙම සිදුවීම නිසා. ‘