සුජිත් හේවාජුලිගේ
ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කොරියාවේ කිම් ජොන් උන් එකතු වුණා සේ ශ්‍රී ලංකාවේ ට්‍රම්ප් - කිම් ජොන්ලාත් ලබන දෙසැම්බරයේ එකතුවන බව හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
ඒ විවාහයේ කපුකම තම කණ්ඩායම කරන බවද ඔහු කීය.
අබේවර්ධන මහතා මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ නිවසේ දී අද (14) උදේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දීය.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එහිදී මෙසේ ද පැවසීය.
‘අප ඊළඟ ජනාධිපතිවරණයට යන්න ඕනෑ මහින්ද අගමැති පුටුවේ ඉන්දවලයි. 2020 දී අපේම ආණ්ඩුවක් පිහිටුවා ගැනීම අපේ අරමුණයි. ඒ සඳහා සියලු ප්‍රගතශිලි බලවේග එකතු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.’
ඡායාරූප - චතුර එස් කොඩිකාර