‘ මන්ත්‍රීවරු දෙන්නෙකුගේ හැසීරීම පාර්ලිමේන්තුවට අපකීර්තියක්‘


(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)


මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අසෝභන  ලෙස හැසිරෙමින් කටයුතු කළ ආකාරය පාර්ලිමේන්තුවට අපකීර්තීයක් යැයි කතානායක  කරු ජයසූරිය මහතා මැතිසබයේදී අද (4) පැවසීය.


ඒකාබද්ධ විපක්ෂයේ මහත්වරුන් පිරිසක් ඊයේ (03) පාර්ලිමේන්තු සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවයක යෙදුණූ අවස්ථා‍වේදී  ඇතිවු සිද්ධීන් ගැන ඊයේ සභාව අත්හිටුවු අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායකවරයා මෙසේ කීය.


කතානායකවරයාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම මෙසේය.


‘ජනතාවට ඉතා වැදගත් වන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ නියෝග ඊයේ සම්මත කිරීමට නියමිතව තිබියදී ජනතා සුබසිද්ධිය ගැන කිසිම හැගීමක් නොමැතිව එයට බධා කර පාර්ලිමේන්තුවේ උත්තරීතර සංකේතය වු සෙංකෝලය උඳුරා එයට හානි කීරිමට ගත් උත්සාහයත් , එම වැදගත් නියෝග අනුමත කිරීමට ඉඩ නොදී පාර්ලිමේන්තුවේ කටයුතු කඩාකප්පල් කිරීමත් , මෙයින් රටට දෙන පණිවිඩය ගැනත් අප කණගාටු විය යුතුයි.


ගරු විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය විසින් නරන ලද ප්‍රකාශය අප දැනගත් විගසම එහි බැරැරුම්කම් වටහා ගෙන එය පරීක්ෂා කිරීමට එදින උදේම මව්සින් ක්‍රියා කර තිබිණි. අවශ්‍ය කැසට් පටිය ලබා ගෙන එහි පරිවර්ථන අධ්‍යයන කර කථානායක වශයෙන් ව්‍යවස්ථානූකූලව මට ගත හැකි සෑම පියවරක්ම ගැනීමටත් ඇය නියෝජනය කළ පක්ෂ නායකත්වයද දැනුවත් කර නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමද මේ අතර ක්‍රියාත්මක වෙමින් තිබිණි.


ශ්‍රී ලංකා පාර්ලිමේනතුව ක්‍රියාකාරීත්වයෙන් ලෝකයේ ආදර්ශමත් පාර්ලිමේන්තුවක් වශයෙන් ලෝක අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය විසින් පිළිගෙන තිබියදී කීප දෙනෙකු විසින් කරනු ලැබු මෙම අශෝභන හැසිරීම් තුළ මුළු පාර්ලිමේන්තුවේම ගරුත්වයට හා කීර්තිනාමයට බලවත් හානියක් සිදුවන බව සඳහන් කරන්නේ බලවත් කණගාටුවෙනි.


එසේ තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඉතාමත්ම අශෝභන ලෙස සහ පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි කරමින් කටයුතු කළ ආකාරය පාර්ලිමේන්තුවටම අපකීර්තියකි.


මේ අනුව ඊයේම නීතිපතිවරයාට උපදෙස් දුන්නේ වහා ක්‍රියාත්මක වී අදාළ නීති ප්‍රකාරව කටයුතු කරගෙන යන ලෙසයි. කථානායක වශයෙන් ව්‍යවස්ථානුකූලව මට ගත හැකි  ඉහළම පියවර එයයි.